Udawalawe National Park / උඩවලව ජාතික උද්‍යානය
Udawalawe National Park, the sixth largest animal sanctuary of Sri Lanka is located 180 km from Colombo in south-central sector of the island. උඩවලව ජාතික වනෝද්‍යානය ශ්‍රි ලංකාවෙ සබරගමුව සහ ඌව පළාත් වලට මායිම්ව පිහිටයි. වලවේ ගඟ හරස් කර උඩවලව ජලාශය ඉදි කිරීම නිසා අසරණවු සතුන්ට රැකවරණය සැපයීම මෙන්ම ජලාධාරක ප්‍රදේශය ආරක්ෂා කර ගැනීම උඩවලව ජාතික වනෝද්‍යානය නිර්මාණය කිරීමට හේතු විය.
වෙන් කර ඇති භූමි ප්‍රමානය හෙක්ටයාර 30,821( වර්ග මීටර් 119.00) අතර 1972 ජූනි 30 දින පිහිටුවන ලදී.උද්යානය පිහිටුවීමට පෙර එම ප්‍රදේශය හේන් ගොවිතැන සඳහා යොදාගැනුනි.එම ප්‍රදේශය වනෝද්‍යානයක් ලෙස පර්කාෂයට පත් කල පසු ගොවීන් ක්‍රමයෙන් ඉවත් කරන ලදී. වනෝද්‍යානය කොළඹ සිට කිලොමීටර් 180 පමණ දුරින් පිහිටයි. උඩවලව වනෝද්‍යානය ජලජ පක්ෂීන්ට සහ අලින්ට වැදගත් වාස භූමියකි.මෙය සංචාරකයින්ගේ ජනප්‍රිය නැවතුම්පොළක් වන අතර දිවයිනේ තෙවන වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණෙන වනෝද්‍යානයද වේ.
The park is situated just south of the Central Highlands, of which escarpment brings about an enrapturing backdrop. At the center of the park lies the Udawalawe Reservoir. Udawalawe National Park established in the year 1972, with the objective of protecting the catchment area of Udawalawe reservoir,which provides water for agriculture and hydro-power generation spreads over an area 30,821, resembles an African game park: it is mainly thorny-shrub jungle with grasslands. While the remnants of the Teak plantations that were planted at the time of the construction of the Udawalawe Reservoir is scattered around, Kumbuk and the endemic Mandorang trees abound in the riverine areas. Keeping company to the herds of elephants, the main attraction of the park are the Water Buffalo, Wildboar, Spotted Deer, Sambur Deer, Jackal, Samber, Black-naped hare, mongooses, bandicoots, foxes, s the endemic Toque Macaque and Gray Langers. Sighting a Leopard and other smaller cats like Fishing cat & Jungle cat would be a bonus.උඩවලව වනෝද්‍යානය සබරගමුව හා ඌව පළාත් වලින් මායිම් වී ඇති මෙරට තෙවැනි වැඩිම සංචාරක වනෝද්‍යානය ලෙස හදුන්වයි. කොළඹ – ඇඹිලිපිටිය මාර්ගයේ කිලෝ මීටර් 165 ක් ගමන් කර තිබොල්කැටිය උඩවලව හංදියෙන් හැරී වමට හැරී මොණරාගල පාරේ තවත් කිලෝමීටර් 05 ක් පමණ ගමන් කිරීමෙන් මේ උද්‍යානයට ප්‍රවේශ විය හැකිය. වලව ගඟ හා උඩවලව ජලාශ්‍රය ව්‍යාපාරය ඇරඹීමත් සමග 1972 වසරේදී ආරම්භ කල මෙම වනෝද්‍යානය හෙක්ටයාර් 30000 කට වැඩි භූමි ප්‍රමාණයක පැතිරී ඇත. දවසේ ඕනෑම කාලයක අලි ඇතුන් නැරඹිය හැකි උද්‍යානයක් ලෙස මෙම වනෝද්‍යානය ප්‍රසිද්ධියක් උසුලයි. අලින්ට මෙන්ම ජලජ ජීවීන්ටද මෙම වනෝද්‍යානය වැදගත් භූමි භාගයකි.
උඩවලව තිබොල්කැටිය හංදියෙන් හැරී මොණරාගල පාරේ ගමන් කිරීමේදී උඩවලව ජලාශ්‍රයේ වැව් බැම්ම මතින් ගමන් කල යුතු වේ. ඉතා අලංකාර පරිසර දර්ශනයන්ගෙන් සමන්විත මෙම වැව් බැම්ම මතින් ගමන් කිරීමෙන් පසු උද්‍යාන පිවිසුම් දොරටුව වෙත ලගා විය හැකිය. මෙම ප්‍රධාන මාර්ගය ආසන්නයේ වනෝද්‍යානයේ විදුලි වැට ආසන්නයේ නිතර අලි ඇතුන් කිහිප දෙනෙක් දක්නට ලැබේ.
මාර්ගයේ ගමන් කරන්නන් විසින් ආහාර ලබා දීමට පුරුදු වීම හේතුවෙන් මෙසේ වනයේ වෙසෙන අලි ඇතුන් කිහිප දෙනෙකු මාර්ගයේ වැට ආසන්නයට පැමිණීමට පුරුදු වී සිටිති. විදුලි වැට පිළිබදව මනා වැටහීමක් ඇති මෙම අලි වැටට සමීප නොවීමට හොදින් වග බලා ගන්නා බව අපට නිරීක්ෂණය විය.
වනෝද්‍යානයේ ප්‍රධාන පිවිසුම් දොරටුවෙන් ඇතුළු වූ පසු අපට වන ජීවී දෙපාර්තමේන්තුවේ කාර්යාලය දක්වා ගමන් කල හැකිය. එහිදී නියමිත ගාස්තුව ගෙවා ප්‍රවේශපතක් ලබා ගැනීමෙන් පසු වනෝද්‍යානය තුළට ප්‍රවේශ විය හැකිය. අලි ඇතුන් පිළිබදව මෙන්ම සමස්ථ වනෝද්‍යානය පිළිබදවත් එහි ශාඛ හා සත්ව ප්‍රජාව පිළිබදවත් හොද අවබෝධයක් ලබා ගැනීමට මෙම කාර්යාලයේ ඇති ප්‍රදර්ශන ඒකකය මහඟු උපකාරයක් වේ. වනෝද්‍යානයට පිවිසීමේදී සෑම අවස්ථාවකම දෙපාර්තමේන්තුවේ මග පෙන්වන්නෙකුගේ සහාය ඔබ වෙත ලබා දීමට ඔවුන් ක්‍රියා කරන අතර, එම උපදෙස් තරයේ පිළිපදිමින් උද්‍යානය තුළ සැරිසැරීමට සෑම විමට මතක තබා ගත යුතු වේ.
වැඩි වශයෙන් තැනිතලා භූමියකින් සමන්විත වන මෙම උද්‍යානය වම් පසින් වලවේ ගඟ මෙන්ම දකුණු පසින් මව් ආරද මැදිව පිහිටා ඇත. වම් පසින් උඩවලව ජලාශයත් දකුණෙන් මව්ආර හා බැදි ගල් අමුණ වැවටත් අතිරේක වශයෙන් උද්‍යානය තුළ කුඩා වැව් ගනනාවක් පිහිටා තිබේ. වසරේ ඔක්තෝම්බර් සිට ජනවාරි දක්වා සහ මාර්තු සිට මැයි දක්වා වැසි කාලය වන අතර, අපගේ සංචාරක සටහන සදහා පාදක කරගෙන ඇත්තේ හොදින් පායා ජලාශ්‍ර සිදී ගොස් ඇති කාලයකි.
මෙහි සංචාරය කිරීමේදී උඩවලව වැවෙහි වැව් පිටිය අවට ප්‍රදේශය සතුන් ගනනාවක් දැකගත හැකි ප්‍රදේශයකි. ඉතා අලංකාර පරිසරයක් ඔස්සේ ප්‍රධාන මාර්ගයෙන් වමට ඇති අතුරු මාර්ගයක් ඔස්සේ ගමන් කිරීමෙන් වැව් පිටිය වෙත ගමන් කල හැකිය. අප මෙහි සංචාරය කලේ වර්ෂාව අඩු වියලි කාලයක බැවින් වැව සිදී ගොස් වැව් පිටියේ බොහෝ දුරක් දක්වා ගමන් කිරීමට හැකියාව ලැබුනි. එම වැව් පිටියේ පැරණි ගල් කණු දක්නට ලැබුණු අතර, එය අපට පෙරදා මෙම ප්‍රදේශය ඉතා සශ්‍රීක සමජායක් පැවති බවට ලක්ෂණ පෙන්නුම් කරන්නක් විය.
වැව් පිටියේ ඇති දිය කඩිති හා දිය පාරවල් ආශ්‍රිතව මාළුන් දඩයමේ යෙදෙන පෙලිකන් කුරුල්ලන් මෙන්ම තාරාවන්ද දැක ගන්නට හැකිය. වැවෙහි ජලය බොහෝ සේ සිදී ගොස් ඇති කාලයට සියළු සතුන්ට මෙම ඉතිරි ජලය ඉතා වැදගත් සාධකයක් බවට පත් වේ.
අප මෙහි ප්‍රවේශ වන විට වැවෙහි ජලය අඩි 10 කට වැඩි ප්‍රමාණයක් පහත බැස ඇති ආකාරය වැවෙහි ඉතිරි වී ඇති පැරණි ගස් වල කදන් වලින් දැකගත හැකි විය. උදෑසන කාලයේ වුවද මෙම වැව් පිටිය වෙත ගමන් කරන්නෙකුට ජලය සොයා වැව කරා ගමන් කරන අලි කිහිප දෙනෙකු දැකගැනීමට හැකිය.එසේම මෙම ඉතිරි වී ඇති දිය කඩිති වල ආහාර සොයන පක්ෂී විශේෂ ගනනාවක් මෙම වැව් පිටිය ආශ්‍රිතව දැක ගැනීමට අවස්ථාව හිමි වේ. වැසි කාලයට වඩා බොහෝ දුරකට පායන කාලයේදී වැව් පිටිය මතින් ගමන් කල හැකි වන අතර, වැසි සමයේදී මෙතරම් වැව් පිටිය මත ගමන් කිරීමේ අවස්ථාව නොලැබී යන්නේ වැව ජලයෙන් පිරී යාම හේතුවෙනි. මෙම වැවෙහි ජලය ආසන්නයට යත්ම කිඹුලන් කිහිප දෙනෙකුද දැක ගැනීමේ අවස්ථාව බොහෝ විට සංචාරකයකුට අහිමි වන්නේ නැත. ගොදුරක් ඩැහැ ගැනීමට හෝ වෙනත් හේතුවක් නිසා හෝ වැව් පිටිය මත බලා සිටින කිඹුලන් කිහිප දෙනෙකු මෙම වැව් පිටියට දුර්ලභ දසුනක් නොවේ.
කිසිදු හේතුවක් නිසා හෝ උද්‍යානය තුළ අවසර ලත් ස්ථානයක මිස ගමන් ගන්නා රථයෙන් බැසීම නොකල යුත්තකි. එය සෑම අවස්ථාවකම ඔබගේ ආරක්ෂාව සදහා වැදගත් වේ. එසේම පළපුරුදු රියදුරන් නොමැතිව හා අනාරක්ෂිත හා අපරික්ෂාකාරී ලෙස රිය පැදවීම එතරම් නුවනට හුරු නොවන්නකි. එවැනි අවස්ථාවක් දුටුවහොත් උපකාරයක් නොකර මගහැර යාමද නිසි නොවේ.
සවස් කාලයට වැව් පිටිය කදිම දර්ශනයක් අපට ලබා දේ. වැව මතින් ඉර බැස යන ආකාරය අපට ඉතා අලංකාර දර්ශනයක් ලබා දේ. එසේම සවස් කාලය වන විට බොහෝ අලි ඇතුන් කණ්ඩායම් වශයෙන් මෙන්ම තනි තනිවද ජලය සොයා වැව වෙත ඇදී ඒම සුළඹ දසුනකි.වැව් පිටිය මතට සවස් කාලයේ ගමන් කරන්නෙකුට බොහෝ ප්‍රමාණයක් අලි ඇතුන් නැරඹීමේ අවස්ථාව නම් නිරායාසයෙන්ම උදා වන්නකි. වැව් පිටියේ ඇති තණ කමින් හෙමින් හෙමින් වැව වෙත ඇදී එන අලි ඇතුන් අපට ඉතා අලංකාර දසුනක් ගෙන දේ. මනා සංයමයකින් යුතුව සතුන්ගේ ක්‍රියාකාරකම් වලට හානියක් හෝ බාධාවක් නොවන පරිදි ගමන් කිරීම මගින් අපට ඉතා සමීපට අලි ඇතුන් නැරඹීමේ අවස්ථාව උදා වේ. කුඩා අලි පැටවුන්ද පෙරටු කරගෙන දිවා කාලයේ වෙහෙස නිවා ගැනීමට මෙන් සවස් කාලයේදී වැව් පිටිය වෙත පිවිසෙන අලි ඇතුන් රංචු අතර ගමන් කිරීම කදිම අත්දැකීමකි.
සම්පූර්ණ වනෝද්‍යානය පිළිබදව සැලකීමේදී බොහෝ ස්ථානයන් හා දර්ශන ඇතුලත් වන බැවින් මෙම උඩවලව වනෝද්‍යානය පිළිබදව තොරතුරු වැව් පිටිය ආශ්‍රිතව මෙම ලිපිය මගින් හා වැව් පිටියෙන් ඔබ්බට උද්‍යානය තවත් ලිපියක් මගිනුත්, මෙහි ඇති සංචාරක බංගලා සහ කදවුරු බිම් පිළිබදව වෙනම ලිපියක් මගිනුත් ගෙන ඒමට කටයුතු කරන අතරම චාමර මුණසිංහ (පාරිසරික සංචාරක නිලධාරී) සහ රුවන් ලියනාරච්චි (මාර්ගෝපදේශක) යන මහත්වරුන්ට අපගේ විශේෂ ස්තුතිය හිමි විය යුතුය.